උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණ/ Irritable bowel syndrome (IBS) තත්වය සඳහා පෝෂණවේදියෙකු මුණගැසීම

ඔබගේ රෝග ලක්ෂණ උත්සන්න කරවන ආහාර ගැනීමෙන් වැලකීම වැනි සාමාන්‍ය ක්‍රම මගින් ඔබගේ රෝග තත්ත්වය සමනය නොවේ නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව පෝෂණවේදියෙකු වෙත යොමු කරවනු ඇත. ඔබගේ රෝග ලක්ෂණ සමනය කර ගැනීමට උපකාර විය හැකි ලෙස ඔබේ ආහාර වේල වෙනස් කල හැකි අනෙකුත් ආකාර ඔවුන් ඔබට යෝජනා කරනු ඇත.

අඩු FODMAP ආහාර - පෝෂණවේදියා විසින් ඔබට අඩු FODMAP ආහාරවේල නම් ආහාරවේලක් හදුන්වා දෙනු ඇත. මෙහිදී, අන්ත්‍රය මගින් පහසුවෙන් ජීරණය කල නොහැකි ආහාර ගැනීමෙන් වැලකීම සිදුවේ. එනම්:

  • පලතුරු සහ එලවළු
  • කිරි
  • තිරිගු නිශ්පාදන

IBS තත්ත්වය සඳහා වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ

ඖෂධවේදියෙකුගෙන් ලබාගත් ඖෂධ වලින් උපකාරයක් නොලැබුනේ නම්, ඔබට වෛද්‍යවරයා විසින් ඊට වඩා ක්‍රියාකාරී ඖෂධයක් නිර්දේශ කරනු ඇත:

මෙම ඖෂධ විෂාදනාශක ඖෂධ වේ. නමුත් මෙම ඖෂධ IBS තත්ත්වයේ රෝග ලක්ෂණ සමනය කර ගැනීමටද උපකාර වේ. මෙම ඖෂධ ක්‍රියාකාරී වීමට සති කිහිපයක් ගත වනු ඇත. එසේම ඒවා මගින් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය. ඔබට අසාධ්‍ය රෝග ලක්ෂණ පවතී නම් සහ අනෙකුත් ඖෂධ වලින් සහනයක් නොලැබුනේ නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත.

IBS තත්ත්වය සඳහා මානසික චිකිත්සා

ඔබට IBS තත්ත්වය දීර්ඝ කාලයක් පුරාවට පැවතුනේ නම් සහ අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවයක් නොලැබුනේ නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව, සංජානන චර්යා ප්‍රතිකාර වැනි කථන ප්‍රතිකාරයක් සඳහා යොමු කරනු ඇත. ඔබගේ රෝග ලක්ෂණ ඇතිවූයේ මානසික ආතතිය හෝ කාංසා තත්ත්වයක් නිසාවෙන් නම් මෙමගින් ඔබට සහනයක් ලැබෙනු ඇත. එසේම එමගින් ඔබට ඔබගේ තත්වය හොදින් දරා ගැනීමට උපකාර වනු ඇත. ඔබ කැමති නම්, ඔබට වෛද්‍යවරයෙකු මුණගැසීමෙන් තොරව කෙලින්ම මානසික චිකිත්සා සේවයක් සඳහා යොමු විය හැකිය. ඒවා මගින්, මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි සුලබ මානසික ප්‍රශ්න සඳහා සංජානන චර්යා ප්‍රතිකාර වැනි මානසික ප්‍රතිකාර සපයනු ලැබේ.